ශ්‍රී ලාංකික දිනය ජාතික වැඩසටහන දෙසැම්බර් මස 12,13, සහ 14 යන දිනවල කොළඹදී

ශ්‍රී ලාංකික දිනය ජාතික වැඩසටහන දෙසැම්බර් මස 12,13, සහ 14 යන දිනවල කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

මෙම වැඩසටහන කොළඹ මහ නගර සභා පිටිය හා විහාර මහා දේවී උද්‍යායන ඇතුළු එම ප්‍රෙද්ශය ආශ්‍රිත පරිශ්‍ර හා ප්‍රධාන මාර්ගවලින් ආවරණය වන පරිදි කලාප 04 ක රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමේ වගකීම බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට පැවරි ඇත.

ශ්‍රි ලංකිකයන් තුළ ජාතිය , ආගම, සංස්කෘතික සංහිදියාව , ජාතික සමඟිය ඇති කරමින් සහ වැඩි වර්ධනය කරමින් අප රට තවත් ඉහළ තලයකට ඔසවා තැබීම ලාංකික දිනය ජාතික වැඩසටහ පැවැත්වීමේ  අරමුණ බවත් ශ්‍රි ලාංකික දිනය ලෙස ජාතික වැඩසටහනක් පැවැත්වීමට මුදල් ,ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව , මෙම වැඩසටහන සියලුම ජාතීන් හා ආගම් නියෝජනය වන අයුරින් හා ඒ ඒ දිසුත්‍රික්කවල සංස්කෘතිකාංග හා ආහාර සංස්කෘතීන් ඇතුළත් වැඩසටහන් , දේහීය කර්මාන්ත ප්‍රදර්ශන හා අලෙවිය, නව නිපැයුම් අවස්ථා හඳුන්වා දීම ඇතුළු වැඩසටහන්වලින් සමන්විත ව පැවැත්වීමට සූදානම් කර අත.

මේ සඳහා දැනට රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන පසුගිය අයවැයෙන් ඇස්තමේන්තු කර වෙන් කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

END/GONP/MMP/23102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *