ගාල්ලේ තද සුළඟකින් නිවාස රැසකට හානි – හිරුණි ලක්ෂිකා

ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශවල හමා ගිය තද සුළඟකින් නිවාස රැසකට හානි සිදුව ඇති බව වාර්තා වනවා.

ගාල්ල ජාතික රෝහලේ තාප්පයක් ද සුළං තත්ත්වය හමුවේ කඩා වැටී ඇති අතර රෝහලේ 23 වන වාට්ටුවේ වහලයට ද හානි සිදුව තිබෙනවා.

මේ අතර, ගාල්ල -බෙලිඅත්ත ප්‍රධාන දුම්රිය මාර්ගයට කටුගොඩ ප්‍රදේශයේදි ගසක් කඩා වැටී තිබුණා.

ඒ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *