විදුලිබල සංශෝධන පනත යටතේ පිහිටුවනු ලැබූ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත්වීම් ලිපි ලබාදේ

2024 අංක 14 දරන ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත පහත සඳහන් ආයතන හතර සඳහා පත්කෙරුණු අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා ඊට අදාළ පත්වීම් ලිපි ලබාදීම බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බලශක්ති අමාත්‍යංශයේදී සිදු කරන ලදී.

ඒ අනුව, ජාතික පද්ධති පාලන (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස ආචාර්ය බී.එල්. ප්‍රදීප් ප්‍රියදර්ශන පෙරේරා මහතා පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ජී.ජේ. අලුත්ගේ, යූ.ඩී. නෙරංජිත් යන මහත්වරුන්ද, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස පී.එන්.එස්. කුමාරතුංග මහතා පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස එන්.කේ.එස්. මහින්දසිංහ, එන්.එන්. වෙත්තසිංහ යන මහත්වරුන්ද, විදුලි ජනන ලංකා (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය ජේ.ජී.ඒ. සාලිය ජයසේකර මහතා පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස එන්.ජී. සාලිය පණ්ඩිතරත්න, ඉංජිනේරු ටී.ඒ. වන්නිආරච්චි යන මහත්වරුන්ද, විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස ආර්.රෝහිත ජයරත්න මහතා පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය ජේ.බී. ඒකනායක, සී.කේ. රණතුංග යන මහත්වරුන් හට පත්වීම් ලිපි ලබා දෙන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙම ආයතනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන් ලෙස කැපවී කටයුතු කළ යුතු බවත්, රටේ විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය ඒ මත රඳා පවතින බවත් ප්‍රකාශ කරමින්, රජයේ බලශක්ති ප්‍රතිපත්තියට අනුකූලව මෙම ආයතන ඉදිරියට ගෙන යා යුතු බවද අවධාරණය කළේය.

එමෙන්ම, මෙම පත්වීම් ලිපි ලබා දීම හා සමගාමීව අධ්‍යක්ෂවරුන්ට අදාල දැනුවත් කිරීමේ වැඩමුළුවක්ද බලශක්ති අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද සහභාගී වෙමින් අවශ්‍ය මග පෙන්වීම හා මූලික දැනුවත් කිරීම් සිදුකරමින් අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.

END/GONP/MMP/22102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed