නුවරඑළිය තැපැල් වහලය අබලන් – හිරුණි ලක්ෂිකා

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාල වහලය අබලං තත්ත්වයට පත්ව වැස්සට තෙමෙමින් පවතින බව වාර්තා වනවා.

මේ හේතුවෙන් තැපැල් සේවකයන් මෙන්ම තැපැල් කාර්යාලය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ද අපහසුතාවයට පත්ව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

එසේ වුවද නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ඇති අඩුපාඩු සැකසීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර නැති බවයි වාර්තා වන්නේ.

ගොඩනැගිල්ලේ ඇති අඩුපාඩු සකසා දීමට රජය කටයුතු නොකිරීම තුළින් ඓතිහාසික තැපැල් කාර්යාල ගොඩනැගිල්ල අගාධයට යමින් පවතින බවයි නුවරඑළිය රැක ගැනීම වෙනුවෙන් වූ සංවිධාන චෝදනා කරන්නේ.

එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ දෙස් විදෙස් ආකර්ෂණය දිනාගත් නුවරඑළිය රෝස තැපැල් ගොඩනැගිල්ලේ වහලය ඇතුළු සෙසු අඩුපාඩු කඩිනමින් සැකසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed