ආනයනික සහල්වලට උපරිම සිල්ලර මිලක් – හිරුණි ලක්ෂිකා
ආනයනික සහල් වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ, ඊයේ (21) සිට ක්‍රියාත්මක වන පරිදියි.
ඒ අනුව, නාඩු සහල් රුපියල් 220ක්, සම්බා සහල් රුපියල් 230ක්, කැකුළු සහල් රුපියල් 210ක්, GR11 පොන්නි සම්බා සහල් රුපියල් 240ක් සහ GR 11 කීරි පොන්නි සහල් රුපියල් 225ක් ලෙසයි සඳහන් වෙන්නේ.
