වැඩිම වර්ෂාපතනය ගාල්ල, සිරිකන්ද වත්තෙන් – හිරුණි ලක්ෂිකා

අද (21) පෙ.ව. 8.30 දක්වා පැය 24 තුළ වාර්තා වූ වැඩිම වර්ෂාපතනය ගාල්ල සිරිකන්ද වත්තෙන් වාර්තා වී ඇති බව කාළගුණ විදා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව පැය 24 තුළ මිලිමීටර් 241ක වර්ෂාපතනයක් එම ප්‍රදේශයට ඇද හැළී තිබෙනවා.

ඊට අමතරව, ගාල්ල මොන්රෝවියා ප්‍රදේශයෙන් මිලිමීටර් 229.2ක වර්ෂාපතනයක් සහ බලපිටිය ප්‍රදේශයෙන් මිලිමීටර් 178.9ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව සඳහන්.

ඊට අමතරව බෙන්තොටවත්ත මිලිමීටර් 170ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *