රළු වෙච්ච රාවණා ඇල්ල – හිරුණි ලක්ෂිකා

පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඇල්ල වැල්ලවාය මාර්ගයේදී හමුවන රාවණා ඇල්ල සැඩවී තිබෙනවා.

මීටර් 25ක් පමණ උස කිරිඳි ඔයෙන් ආරම්භ වන රාවණා ඇල්ලේ ජල පෝෂිත ප්‍රදේශවල වන ඇල්ල කඳුවැටියට මේ දිනවල ඇද හැලෙන මහ වැස්සත් සමඟ රාවණා ඇල්ලට ලැබෙන ජලය වැඩි වී දිය ඇල්ල සැඩව ගසා බසින බව අප වාර්තාකරු පවසනවා.

දිය පහරේ සැඩ වැඩිවීමත් ඇල්ල පාමුල ගල්මත ලිස්සන සුළුබව වැඩිවීමත් යන කරුණු හේතුවෙන් දිය ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට දියනෑමෙන් වළකින ලෙස ඇල්ල පොලීසිය දැනුම් දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed