මුළු පාර්ලිමේන්තුවම හෙට රෝස පාට වෙයි – හිරුණි ලක්ෂිකා

ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට මන්ත්‍රීවරයන්(සියලුම ජනතා නියෝජිතයින්) රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස කථානායකවරයා පාර්ලිමේන්තුවට අද(21)නිවේදනය කළා.

ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට මන්ත්‍රීවරයන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී, 2025 ඔක්තෝබර් 22 දින, එනම් හෙට දින පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

එසේම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින්, හෙට දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් හට පැළඳීම සඳහා ලාංඡනයක් බෙදා හැරීමට කටයුතු සුදානම් කර ඇති බව බවත්, පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරයන්ට එම ලාංඡනය මන්ත්‍රී පිවිසුමේ දී හෙට දින ලබා දීමට කටයුතු කරනු ලබන බවත්, හෙතෙම පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *