අද පාර්ලිමේන්තුවෙන් : දිවයින පුරා පාසල්වල ගුරු පුරප්පාඩු 36,000 ඉක්මවයි – අගමැතිනිය
අද (21) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරිය දිවයින පුරා පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු පිළිබද සවිස්තරාත්මක පැහැදිළි කිරීමක් සිදුකළේය.
එම පැහැදිළි කිරීමට අනුව, දිවයින පුරා පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසන්නීය. ඒ අතරින් ජාතික පාසල්වල පුරප්පාඩු 1,501ක් ඇති බව පැහැදිළි කළේය.
එම පැහැදිළි කිරීම තවදුරටත් මෙසේ ය.
පළාත් පාසල් ලෙස බස්නාහිර ගුරු පුරප්පාඩු 4,630ක්, දකුණ 2,513ක්, මධ්‍යම 6,318ක්, වයඹ 2,990ත්, ඌව 2,780ක්, උතුරු මැද 1,568ක්, නැගෙනහිර 6,613ක්, සබරගමුව 3,994ක් සහ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු 3,271ක් වාර්තා වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
මේ සඳහා ඉදිරියේ දී දිවයිනේ ජාතික පාසල්වල විද්‍යා, ගණිත, තාක්ෂණ විෂයන්, විදේශ භාෂා සහ 13 වසරක අකණ්ඩ විෂයන් සඳහා මෙන්ම අපොස උසස් පෙළ සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍ය පුරප්පාඩු සඳහා පසුගිය 2024.07.28 වන දින සිට බඳවා ගැනීම් සිදුකර ඇත.
එහිදී ගුරු සේවයේ තුන්වන (ආ) 1 ශ්‍රේණීයට අයත් වැඩභාර නොගත් උපාධිධාරීන් 353ක් ඉදිරි මාස 2ක තුළ බඳවා ගැනීමට නියමිත බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
මීට අමතරව පවතින ගුරු සේවයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති බඳවා ගැනීම් සමාලෝචන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් කර එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ඉක්මනින් ගන්නා බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.
