අත්අඩංගුවට ගත් රුහුණේ සරසවි සිසුන් 21 දෙනා ⁣28 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 21දෙනා මාතර ප්‍රධාන ම⁣හෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා අද (21) එම නියෝග ලබා දී ඇත.

කඹුරුපිටිය, මාපලානේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාලයට අයත් කෘෂිකර්ම පීඨයේ තෙවැනි වසරේ සිසුන් සහ දෙවැනි වසර සිසුන් දෙපිරිසක් අතර ඊයේ (20) දහවල් කාලයේ ගැටුමක් හටගෙන තිබුණි.

පෙර දිනයේ පැවැති ක්‍රිකට් තරගයක ලකුණු සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුමක් ඊට හේතුවී ඇති බව වාර්තා වේ.

ගැටුමෙන් තුවාල ලැබූ විශ්වවිද්‍යාල සිසුන් 06 දෙනෙකු ප්‍රතිකාර සඳහා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ඇත.

උද්ගත වූ තත්ත්වය හමුවේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි හා තුන්වැනි වසරේ සිසුන් එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කළේය.

පසුව මෙම ගැටුමට අදාළව කඹුරුපිටිය පොලීසිය විසින් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද මෙලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *