වටවලදී බස් රථ රැසකට දඩ – හිරුණි ලක්ෂිකා
එළඹෙන දීපවාලී උත්සවය නිමිත්තෙන් කොළඹ සිට හැටන් දක්වා සහ හැටන් සිට කෙටි දුර ධාවනය වන පෞද්ගලික බස් රථ ඉලක්ක කර ගනිමින්, මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද (19) දින හදිසි පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේදී මෙම පරීක්ෂාව සිදු කර ඇති අතර, එහිදී අනුමත මුදලට වඩා වැඩි මුදලක් අය කර මගීන් ප්‍රවාහනය කිරීම, කොන්දොස්තර බලපත්‍රය නොමැතිව බස් රථවල මගීන්ගෙන් මුදල් ලබා ගැනීම, මගී අවසර පත්‍රයක් නොමැතිව බස් රථ ධාවනය කිරීම, මගී ප්‍රවාහන අවසර පත්‍රයේ සඳහන් මාර්ගයට පටහැනිව වෙනත් මාර්ගවල බස් රථ ධාවනය කිරීම යන චෝදනා යටතේ දඩ නියම කර තිබෙනවා.
මෙම වැටලීමේදී රුපියල් 207,000/= ක දඩ මුදලක් අය කර ගැනීමට හැකි වූ බව මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ වැටලීම් ඒකකයේ ප්‍රධාන පරීක්ෂක පී.එස්.ටී.බී. විජේසිංහ සඳහන් කළ අතර, දීපවාලී උත්සවය අවසන් වන තෙක්ම මෙම වැටලීම් අඛණ්ඩව සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
