ධීවර සහ කිතුල් යන ක්ෂේත්‍ර සඳහා නව රක්ෂණාවරණ!
මධ්‍යම කඳුකරයේ මිරිදිය ධීවර කර්මාන්තකරුවන් සහ කිතුල් කර්මාන්තකරුවන් අවරණය වන පරිදි නව රක්ෂණාවරණ දෙකක් හදුන්වාදීමට කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.
මුහුදුකරයේ ධීවර ප්‍රජාව ඉලක්ක කොට දැනට ක්‍රියාත්මක ධීවර රක්ෂණාවරණය රට තුළ ක්‍රියාත්මක කීරීම ආරම්භ කළ බවත් ඒ අනුව මධ්‍යම කඳුකරයේ වික්ටෝරියා ඇතුලු ජලාශ කේන්ද්‍ර කොට මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් රක්ෂණය කරන බවත් එම මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් අධ්‍යක්ෂ රජීව කුලරත්න මහතා පැවසීය.
වෙරළාසන්න ප්‍රදේශවල ධීවරයින් රැසකට ජීවිත රක්‍ෂණ ලබාදීමට කටයුතු කරන බවද කී ඒ මහතා, එවැනි ආරක්ෂාවක් මිරිදිය ධීවර ප්‍රජාව වෙත ද අවශ්‍ය වන බැවින් එය රට තුළ ද ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.
එමෙන්ම කිතුල් කර්මාන්තයේ යෙදෙන නිෂ්පාදකයන් වෙනුවෙන් ද ජීවිත රක්ෂණයක් හදුන්වා දී ඇතැයි කී ඒ මහතා සුළු ගෙවීමක් මගින් රුපියල් මිලියන දෙකක පමණ ප්‍රතිලාභයක් මෙම රක්ෂණ ක්‍රම දෙක මගින් ප්‍රතිලාභීන්ට හිමිවන බව සඳහන් කළේය.
– නදීක දයා බණ්ඩාර, මහනුවර
