ගැටලු අවම කිරීම සඳහා සියලු කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති ඒකාබද්ධ ප්‍රවේශයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම්!

මහනුවර දිස්ත්‍රික්කය තුළ ඉදිරියේදී ක්‍රියාත්මක කරන කෘෂි සංවර්ධන ව්‍යාපෘති ඒකාබද්ධ ප්‍රවේශයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස මහනුවර දිස්ත්‍රික් පාර්ලිම්න්තු මන්ත්‍රී ඊ.එම්.බස්නායක මහතා පවසයි.

නිවරැදි දැක්මක් සහ ඉලක්කයකින් තොරව ක්‍රියාත්මක කළ කෘෂි ව්‍යාපෘති හේතුවෙන් ගොවියන් මෙන්ම නිලධාරීන් ද අසීරුතාවයට පත්ව ඇති බැවින් ඉදිරියේදී සියලු ආයතනවල සම්බන්ධීකරණයෙන් කෘෂි ව්‍යාපෘති දියත් කළ යුතුව ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෘෂි ව්‍යාපෘති සහ ඉදිරි යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති එක මිටට – ගොවි බිමට මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වීම මෙහෙයවමින් ඒ මහතා මේ බව කීවේය.

නිවරැදි ඉලක්කයක් නොමැතිව ඉකුත් සමයේ ක්‍රියාත්මක කළ ආරක්ෂත ගෘහ, කෙසෙල් ව්‍යාපෘති ආදිය හේතුවන් මහජන මුදල් නාස්තවී ඇති බවත් වඩා හොදින් වී වගා කරන කුඹුරු තුළ කෙසෙල් වගා කිරීම හා මාර්ග අසල කුඹුරු ඒ සඳහා යොදා ගැනීම මගින් වෙනත් අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කොට ඇති බව නිරීක්ෂණය වන බව ද ඒ මහතා කීවේය.

එක මිටට – ගොවි බිමට වැඩ සටහනට සමගාමීව පුරන් කුඹුරු තුළ සෙසු ආර්ථික බෝග වගා කිරීමට යම් කාලයක් තුළ අවසර ලබා දුන් නමුත් ඉන් කරන්නේ කුඹුුරු ගොඩ කිරීම නොවන බව ඒ මහතා කීවේය. ආර්ථීක වශයෙන් පරිහානියට ලක්වී තිබුණු මෙරට කෘෂි අංශයේ දායකත්වය ඉහළ යමින් පවතින බවත් එම දායකත්වය ඉදිරි වර්ෂයේදී තව දුරටත් ඉහළ නැංවීමට රජය සැලසුම් සකස් කොට ඇතැයි ද පාර්ලමේන්තු මන්ත්‍රීවරයා තව දුරටත් සදහන් කළේය.

මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය වී.ඩී.නිරූෂා අයෝනි මහත්මිය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් සහකාර කොමසාරිස්එ ස්.ජේ.එම්.එම්.ටී.බී.සමරකෝන් මහතා, මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඒ.ඩබ්ලියුව්.ටී.ඩී.ධර්මසේන මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගීවූහ.

– නදීක දයා බණ්ඩාර – මහනුවර

END/MMP/19102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed