ඉෂාරා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ – වළදමා තිබීයදී දුරකතනයත් සොයා ගනී!
පොලීසිය සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව, නේපාලයේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දිව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සදහා ආරක්ෂක අමාත්‍යංශය විසින් අවසර ලබා දී ති ෙබන බව මාධ්‍ය වාර්ථා සදහන් කරයි.
ඇයගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව, ඉෂාරා සෙව්වන්දි භාවිත කළ ජංගම දුරකතනය ගම්පහ ප්‍රදේශයේ වළදමා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කොළඹ දිසා අපරාධ විමර්ශන කාර්යාංශය ඊයේ දිනයේදීත් (18) ඉෂාරා සේව්වන්දිව විමර්ශනයක් සඳහා ඉන් පිටතට රැගෙන ගොස් ඇත.
මේ අතර ඇයට ගණේමුල්ල සංජීව ඝාතනයයෙන් අනතුරුව නවාතැන් ලබාදුන් වැලිපැන්නේ නිවසෙහි හිමිකාරියගෙන් කොළඹ අපරාධ විමර්ශන නිලධාරීන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ. 52 හැවිරිදි එම කාන්තාව මතුගම රෝහලේ උපස්ථිකාවක ලෙස සේවය කළ අයෙක් වන අතර මතුගම ශාන් කලක සිට හඳුනන අයෙක් බව ද ඇය පොලිසිය හමුවේ පවසා ඇත.
ගණේමුල්ල සංජීව ඝාතනය වූ දින ඔහු විසින් ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව සැකකාරිය යතුරුපැදියකින් අලුත්ගම ඩිපෝව අසලට ගොස් ඉෂාරා සෙව්වන්දිව රැගෙන වැලිපැන්නේ නිවසට පැමිණ තිබේ. පොලිසිය පැවසුවේ, ඊට පසුදින උදෑසන නැවත ඉෂාරාව යතුරුපැදියක නංවාගෙන නිවසින් බැහැර කර ඇති බවය.
ඒ අනුව ඇයව පැය 72ක රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරනු ලබයි. එමෙන්ම අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා අදාළ කාන්තාවගේ බෑණා බව පොලිසිය පැවසුවේය.
එමෙන්ම අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා අදාළ කාන්තාවගේ බෑණා බව පොලිසිය පැවසුවේය. ඔහු ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටි නිවසේම පදිංචිව සිට තිබේ. ඉෂාරා සම්බන්ධයෙන් සියලු තොරතුරු දැන සිටියදීත් වගකිවයුතු පොලිස් නිලධාරියෙකු වශයෙන් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිඳු ආරක්ෂක අංශයක් දැනුවත් කර නොමැත.
ඒ අනුව තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් හා ඉෂාරාට අපරාධයෙන් පසුව නවාතැන් පහසුකම් ලබාදීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
එමෙන්ම කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන ගම්පහ බබා නැමැත්තා කෙහෙල්බද්දර පද්මේගේ පියාගෙන් පද්මේව හඳුනාගත් බව සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වී ඇත. ඔහු විමර්ශන නිලධාරින් හමුවේ පවසා ඇත්තේ, තමන් කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලයට ද සම්බන්ධ වී සිටි බවය.
ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීමට උත්සහා කළ අවස්ථාවේදී වෙඩික්කරුවන් පැමිණි කැබ් රථය පද්මේගේ උපදෙස් මත තමන් සතුව තබාගත් බවද සැකකරු පවසා තිබේ.
මේ අතර නුගේගොඩ බබී නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී බස්නාහි උතුර අපරාධ කොට්ඨාය ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවස අසළ වළදමා තිබූ ජීව අත්බෝම්බයක් හා ජීව උණ්ඩ 10ක් සොයාගත් බව පොලිසිය පැවසුවේය.
