රත්තරං මිල තවත් ඉහළට – හිරුණි ලක්ෂිකා
මෙරට වෙළදපොලේ අද පෙරවරුවේ සිට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 390,000 දක්වා ඉහළ ගොස් තිබුණා.
සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ ලේකම් රාමන් බාලසුබ්රමනියම් සදහන් කළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 360,800 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඊයේ දිනය අවසානයේ කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 370,000 ක් ලෙස දැක්වුණු අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 340,000 ක් ලෙස සටහන් වුණා.
