බිමත්ව ආණමඩුව පොලිසියට ගොස් OIC ගැන විමසු පොහොට්ටුවේ දේශපාලකයා අත්අඩංගුවට

 

ආණමඩුව පොලිස් ස්ථානය තුලට බිමත්ව රියක් පදවාගෙන ගොස් පොලිස් ස්ථානාධිපතිවරයා කවුදැයි විමසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණමඩුව ප්‍රාදේශීය දේශපාලකයෙකු ආණමඩුව පොලිසිය විසින් පෙරේදා 15 අත්අඩංගුවට ගෙන ඇත .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උදාර මධුසංක නමැති ප්‍රදේශීය දේශපාලකයෙකි .මොහු ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ද වෙයි .

ආණමඩුව පොලිස් ස්ථානයට නවක ස්ථානාධිපතිවරයෙකු ලෙස පැමිණි ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක මහතා ඊයේ 15 රාත්‍රියේ පොලිස් ස්ථානය තුල සිටියදී මෝටර් රථයක් පොලිස් භූමියට පැමිණ ඇති අතර ඉන් බැස ගත් පුද්ගලයෙකු කවුද අලුත් OIC ලෙස විමසා ඇත . එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා මම තමයි අලුත් OIC ඇයි කියා විමසා තමුන් බිලා නේද කියා විමසු අවස්ථාවේ දේශපාලකයා ඔව් මම බිලා තමයි කියා ප්‍රකාශ කර ඇත .ඒ අවස්ථාවේදීම වහා ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රදේශීය දේශපාලකයා අත්අඩංගුවට ගන්නා ලෙස රථ වාහන අංශයේ නිලධාරීනට උපදෙස් දී ඇත.

සැකකරු ඊයේ 16 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි . ආණමඩුව පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed