ශ්‍රී ලංකාවට ඇතුළු වන සියලුම විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය අනිවාර්යයයි – හිරුණි ලක්ෂිකා

ශ්‍රී ලංකාවේ කෙටි කාලීන සංචාරක (සංචාරක සහ ව්‍යාපාරික) අරමුණු සඳහා පැමිණෙන සියලුම විදේශීය ජාතිකයින් හෙට (15) සිට ක්‍රියාත්මක වන පරිදි www.eta.gov.lk වෙබ් අඩවිය හරහා විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබා ගැනීම අනිවාර්ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරනවා.

රජය විසින් නොමිලේ වීසා බලපත්‍ර ලබා දීමට සුදුසුකම් ලබන රටවල පුරවැසියන්ට ද මෙම රෙගුලාසිය බලපාන බවත්, කෙසේ වෙතත්, එවැනි පුද්ගලයින්ට කිසිදු ගාස්තුවකින් තොරව (without fees) ETA ලබා ගත හැකි බවත්, අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *