ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ සෙව්වන්දි නේපාලයේදී අල්ලයි: තවත් 04ක් අත්අඩංගුවට – හිරුණි ලක්ෂිකා
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකාරිය වන රටින් පළා ගොස් සිටි ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, මොවුන් අතර ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ සමීපතමයෙකු ද සිටින බවටයි පොලිසිය සඳහන් කළේ.
නඩු කටයුත්තක් සඳහා පැමිණි ගනේමුල්ල සංජීව අලුත්කඩේ උසාවි සංකීර්ණය තුලදී වෙඩි තබා ඝාතනයට ලක්වූයේ පසුගිය පෙබරවාරි මස 19 වනදායි.
