අමෙරිකානු ජනාධිපති ඊශ්රායල පාර්ලිමේන්තුවට!
ඣමැද පෙරදිගට නව ආරම්භයක් සනිටුහන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි. අද සවස ඊශ්රායල පාර්ලිමේන්තුව අමතමින් ට්රම්ප් මේ බව කියා සිටියේය.
මේ අතර මාස 8ක කාලයක් තුළ ලෝකයේ යුද්ධ 8ක් නිමා කිරීමට තමාට හැකි වූ බව ද ට්රම්ප් මෙහිදී වැඩිදුරටත් පැවසීය.
අමෙරිකානු ජනාධිපතිවරයා අද දහවල් ඊශ්රායල පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර එහිදි සාමය උදෙසා ට්රම්ප් ජනාධිපතිවරයා ගත් උත්සහය පිළිබදව ඊශ්රායල පාර්ලිමේන්තුවේ ස්තූතිය ද පළ වුණි.
ගාසා තීරයේ ගැටුම් අවසන් කර සාම ගිවිසුමකට එළඹීම යටතේ හමාස් සංවිධානය විසින් ඔවුන් භාරයේ ජීවත්ව සිටි සියලු ඊශ්රායල ප්රාණඇපකරුවන් අද දිනයේ නිදහස් කෙරුණු අතර ඊශ්රායලය විසින්ද පලස්තීන සිරකරුවන් 2,000කට ආසන්න පිරිසක් නිදහස් කිරීමට පියවර ගනු ලැබීය.
එහි සජීව විකාශය පහතින් නරඹන්න,
Copied: https://sinhala.adaderana.lk/news/215657
END/AdaDerana/MMP/13102025
