ආරච්චිකට්ටුව බන්ඩාරහේන ප්‍රදේශයෙනුත් අයිස්!

ප්‍රසාද් පුර්ණමාල් හලාවත

ආරච්චිකට්ටුව පොලිසිය සිදු කල වැටලීමකින් අයිස් මත්ද්‍රවය ග්‍රෑම් 496 ක් සමග සැකපිට තිදෙනෙකු හා මෝටර් රථයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ . පෙරේදා 11 පස්වරුවේ මේ වැටලීම සිදු කර ඇත .

ආරච්චිකට්ටුව බන්ඩාරහේන ප්‍රදේශයේ  නිවසක් වටලන අවස්ථාවේ මේ අයිස් මත්ද්‍රවය රැගෙන පුද්ගලයෙකු පලායාමට උත්සහ කර ඇත .ඒ අවස්ථාවේදී  කාන්තාවක් අයිස් මත්ද්‍රවය කුඩා පැකට වලට දමමින් සිට ඇති බවද වාර්තා වේ .

මේ අයිස් මත්ද්‍රව්‍ය කොළඹ ප්‍රදේශයේ සිට රැගෙන එන්නට ඇති බව පොලිසිය  සැක කරයි

මේ මත්ද්‍රව්‍ය තිබු නිවස වටා දැවැන්ත තාප්පයක් ඉදි කර තිබී ඇති අතර විදෙස් රටක  සිට  පාලනය කරන සි සි ටි වී කැමරා පද්ධතියක් ද සවි කර තිබී ඇත . පිටස්තර කිසිවෙකු මෙහි ඇතුළු වන අවස්ථාවේදී එය නිවසේ සිටින පුද්ගලයනට දැනුම් දිය හැකි ආකාරයට මේ සි සි ටි වී කැමරා පද්දතිය සවි කර තිබී ඇත . මේ සියලු තත්වයන් පිලිබදව පොලිසියට තොරතුරු ලැබී තිබීම නිසා පොලිසිය නිවසට ගොස් ඇත්තේ තාප්පයෙන් පැන වීම විශේෂයි .

හලාවත ජෞශ්ධ පොලිස් අධිකාරී  රොහාන් පෙරේරා මහතාගේ නියෝග පරිදි හලාවත සහකාර පොලිස් අධිකාරී  ප්‍රභාත් දයානන්ද මහතාගේ මෙහෙයවීම මත ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  එන්.යු .ඩබ්ලිව් .කේ නෙලුම්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් නිලධාරීන් කණ්ඩායමකමේ වැටලීම සිදු කර ඇත .

සැකකරුවන් හා මත්ද්‍රව්‍ය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *