2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට දිවයිනෙන් පිටත්ව ගිය අගමැතිනිය චීනයේ බීජිං වෙත ළඟාවෙයි

මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනයෙන්, 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (ඔක්තෝබර් 12) චීනයේ බීජිං වෙත පැමිණියාය.

චීන ජාතික ගුවන්විදුලි සහ රුපවාහිනී පරිපාලන අමාත්‍ය Cao Shumin මහත්මිය අග්‍රාමාත්‍යවරිය මෙහිදී පිළිගනු ලැබිණි.
මෙම සංචාරයේ පළමු දින, අග්‍රාමාත්‍යවරිය චීනයේ තහනම් නගරය සහ චීන මහා ප්‍රාකාරය නැරඹීමට එක්විය.

යුනෙස්කෝ ලෝක උරුමයන් වන තහනම් නගරය (මාලිගා කෞතුකාගාරය), අධිරාජ්‍ය ගෘහ නිර්මාණ ශිල්පය සහ ජාතික වශයෙන් සංරක්ෂිත  එකතුවක් වන අතර චීනයේ ඓතිහාසික ශිල්පීය වටිනාකම විදහා දක්වන   චීන මහා ප්‍රාකාරය, චීනයේ  සංරක්ෂිත සංකේත වේ.

ඉදිරි දිනවලදී, අග්‍රාමාත්‍යවරිය 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වන අතර චීන ජනාධිපති Xi Jinping  සහ මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය Li Qiang සමඟ  ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

END/GONP/MMP/12102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed