සාහිත්‍ය ,කලාව ඇසුරු කිරීමෙන් සැබෑ මනුෂ්‍යයකු නිර්මාණය වේ – අමාත්‍ය ලාල් කාන්ත

සැබෑ මනුෂ්‍යයකු නිර්මාණය වන්නේ කලාව ඇසුරු කිරීම , රස විඳීම කලාවට සම්බන්ධ වීමෙන් බවත් රට තුළ ඉදිරියේදී වැඩි වශයෙන් කලා කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික් සංස්කෘතික උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස පසුගියදා සහභාගී වෙමිනි.

අප නිර්මාණය කරගන්නා දේවල් සංස්කෘතිය වන බවත් ,සොබාදහමින් ලැබෙන දේවල් සොබාදහම ලෙස අර්ථ දක්වන බවත් සඳහන් කළ අමාත්‍යවරයා සංස්කෘතියේ කොටසක් ලෙස කලාව හැඳින්විය හැකි බවත් එහිදී පෙන්වා දුන්නේය.

මනුෂ්‍යයෙක් ලෙස පැවසුවද මනුෂ්‍යයා සාහිත්‍ය, කලාව ඇසුරු නොකරන්නේ නම් , ස්වරූපයෙන් මනුෂ්‍යයෙක් නොවන බවත් මනුෂ්‍ය ස්වභාවයක් තිබුණද සැබෑ මනුෂ්‍යයෙක් බවට පත්නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

END/GONP/MMP/12102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *