පුතාට වෙඩි තියන්න ආ පියා ආරච්චිකට්ටුව පොලිසියෙන් අල්ලයි – ප්‍රසාද් පුර්ණමාල්
සිය පුත්‍රයාට පිස්තෝලයකින් වෙඩි තැබීමට උත්සහා කල පියෙකු ආරච්චිකට්ටුව පොලසියේ ස්ථානාධිපතිවරයා ප්‍රධාන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත .
අද 12 පෙරවරුවේ මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
පිස්තෝලයක් අතැතිව පුද්ගලයෙකු සිටින බවට , ආරච්චිකට්ටුව පොලිසියේ සැරයන් 41387 සෙනවිරත්න මහතාට ලැබුණු දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර ඒ බව ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දීමෙන් පසු වහා ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රධාන ආරච්චිකට්ටුව පොලිසියේ නිලධාරීන් සැකකරු පහල අත්තන්ගනය ප්‍රදේශයේදී පිස්තෝලයද සමග අත්අඩංගුවට ගෙන ඇත .
අත්අඩංගුවට ගත් පුද්ගලයා මිට වසර තිස් පහකට පමණ පෙර සිය පවුල අතහැර වෙනත් ප්‍රදේශයකට ගොස් පදිංචිව සිට තිබේ . ඒ වන විට ඔහුගේ පුත්‍රයාට වයස අවුරුදු හතරක් බව වාර්තා වේ .
වෙඩි තැබීමට උත්සහා කල හේතුව අනාවරණය වී නොමැති අතර මෙරට නිෂ්පාදිත මේ පිස්තෝලය මිට වසර 15 කට පමණ පෙර ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සිටි දාමරිකයෙකු විසින් ලබා දුන් එකක් බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත .
ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපති එන්. යු .ඩබ්ලිව් .කේ නෙලුම්දෙණිය මහතා ප්‍රධාන ආරච්චිකට්ටුව පොලිසියේ පොලිස් නිලධාරීන් පිරිසක් මේ අත්අඩංගුවට
ගැනීම සිදු කර තිබේ .
අත්අඩංගුවට පත් සැකකරු 65 හැවිරිදි අයෙකි
සැකකරු සමග ගිනි අවිය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .
