මාදම්පේ ජනතාව කුණු ට්‍රැක්ටර් නවතා විරෝධයක හලාවත ප්‍රාදේශීය සභාව මදුරුවන් මැස්සන් බෝ කරයි (වීඩියෝ සහිතයි )

 

 

හලාවත ප්‍රාදේශීය සභාව මගින් පාලනය කරන මාදම්පේ සෙම්බුකට්ටිය ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ට විරෝධය පල කරමින් අද 08 දහවල් ගම්වැසියන්
විරෝධතාවයක නිරත වුහ . මිට ප්‍රධාන හේතුව වුයේ මේ ඒකකය සදහා අලුත් ගොඩ නැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කිරීමයි . මිට අමතරව අපද්‍රවය නිසි ප්‍රමතියකින්
තොරව දැමීම හේතුවෙන් මැස්සන් හා මදුරුවන් බෝවී ජනතාවට ජිවත්ව සිටීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවද පැවසුහ .

විරෝධතා කරුවන් කුණු ද්‍රව්‍ය රැගෙන එන ට්‍රැක්ටර් රථ වලට ආයතන භූමියට ඇතුළු විමර ඉඩ ලබා නොදුන් අතර මේ හේතුවෙන් මාදම්පේ පොලිසිය කැදවීමට හලාවත
ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පියවර ගෙන තිබිණි . මෙහිදී පොලිසිය විරෝධතා කරුවගෙන් ඉල්ලා සිටියේ මේ සදහා රාජ්‍ය නිලධාරීන් සමග සාකච්චා කර ඉක්මන් විසදුමක්
ලබා ගන්නා ලෙසයි .

මේ ස්ථානය නිරීක්ෂණය සදහා මාධ්‍යවේදීනට අවසර ලැබුණු අතර එහිදී දැකගන්නට ලැබුනේ මේ ස්ථානයේ කිසිදු ප්‍රමතියකින් තොරව අපද්‍රව්‍ය බැහැර කර ඇති
අයුරුයි . එම ස්ථාන වල තිබු අපද්‍රවය වල මදුරු කීටයන් සිටි අතර මැස්සන් හා මියන් වැනි සතුන් බෝ කරන ස්ථානයක් බවටද පෙනෙන්නට තිබිණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *