මහාධිකරණය : ජුලම්පිටියේ අමරේට මරණ දඬුවම

2012 දී හම්බන්තොට, කටුවනේදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ ගීගනගේ ගමගේ අමරසිරි නොහොත් ‘ජූලම්පිටියේ අමරේ’ ට තංගල්ල මහාධිකරණය විසින් නියම කරන ලද මරණ දඬුවම සඳුදා – ඔක්තෝබර් 06 වෙනි දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන ලදී.

චූදිතයා විසින් ගොනු කරන ලද අභියාචනය ප්‍රතික්ෂේප කරමින්, 2012 ජුනි 15 වන දින කටුවන, හැඩිවත්තේ ලියනගේ රංජිත්ගේ නිවසේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා පහක් සඳහා නියම කරන ලද දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන ලදී.

END/MMP/08102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed