ගලමුදුන කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් ඇගයේ….. මොහොමඩ් ආසික්
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් 2024/2025 වර්ෂයේ උසස් ලෙස සමත් තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ ගලමුදුන කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් ඇගයීමේ උත්සවයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රාවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මෙහිදී සාමාන්‍ය පෙළ සමත් ගලමුදුන කනිෂ්ඨ විද්‍යාලයේ දූ දරුවන් සිව්දෙනෙකු උදෙසා මූල්‍ය ත්‍යාග, පාසල් උපකරණ ද, විද්‍යාලය සඳහා ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්ද
පිරිනමන ලදී.
පිරිනමන ලදී.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, සැලසුම් අධ්‍යක්ෂ කේ.ජී.එස්. නිශ්ශංක, ප්‍රධාන ගණකාධිකාරි ප්‍රශාන්ත මැදගෙදර, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිහාල් අලහකෝන්, මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටී.කේ. ගුණතිලක, ආණ්ඩුකාර සහකාර ලේකම් චාමර අලහකෝන්, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඩී.එම්.ඒ.කේ. ඇලිකේවල, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ යමුනා ලියනගේ, විද්‍යාලයේ ගුරුභවතුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් එක් වූහ.
