කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ
සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධූරයෙහි වැඩ විසූ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරම්භ කළ රෝහල් සේවා මණ්ඩලයේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙහි දී රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමින් යුත් රෝහල් හා වෛද්‍ය උපකරණ තොගයක් ද කොළඹ ජාතික රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.
ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් ලක්ෂ 68කි. මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 45ක මුදලක් ලබා දී ඇත. ඉතිරි මුදල රෝහල් සේවා මණ්ඩලය විසින් වැයකර ඇති අතර මෙහි ඉදිකිරීම් සදහා ශ්‍රම දායකත්වය නාවික හමුදාව විසින් ලබා දී ඇත.
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලෝකයේ විවිධ රටවල වෙසෙන ජනතාවගෙන් උදවි උපකාර ලබාගෙන මෙරට ජනතාවට එම ප්රතිලාභ ලබා දීමට පුජ්‍ය රජවැල්ලේ සුභූති හිමි ඇතුළු කණ්ඩායම සිදුකරන මැදිහත්වීමට, මගපෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තම ගෞරවය පිරිනමන බව පැවසී ය.
තමන් දේශපාලනයට පැමිණිමට පෙරත්, පැමිණි පසුත්, ඇමතිකම් භාරගැනීමට පෙරත්, ස්වේච්ඡා කටයුතු රාශියක් සිදුකරමින් සිටි බව පැවසූ අමාත්‍යවරයා එම කටයුතු ඉතා සීඝ්රග්රාමීව මීටර් සියය දුවන්නාසේ සිදු කළ හැකි වූ බව පැවසීය. නමුත් රජයේ කටයුතු සිදුකරන විට එය මීටර් සියය දුවනවා සේ අති වේගවත්ව සිදුකිරීමට නොහැකි බවත්, එය මීටර් සියය අතර කඩුළු දුවනවා සේ සිදු කළ යුතු කාර්යක් බව මෙහි දී පෙන්වා දෙන ලදී.
ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී එයට බාධා වී ඇත්තේ පවතින සමහර නීති ඊති බව පෙන්වා දුන් අමාත්‍යවරයා තුනෙන් දෙකේ බලයක් තබාගෙන එම නීති ඊති වෙනස් කිරීමට නොහැකිද යන්න කෙනෙකුට ගැටළුවක් සේ පැනනැගිය හැකි බව ද පැවසී ය. කටයුතු කිරීමට තිබෙන සමහර නීතිත්, රෙගුලාසිත්, බැලූවිට සමහර ගැටළු අද ඊයේ පැණනැගුණු ඒවා නොව බ්‍රිතාන්‍ය සමයේ සිට පැවත එන එ්වා බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.
එය වෙනස් කිරීමට උත්සහ දැරියයුතු බවත්, නමුත් එය එකිනෙකට සම්භන්ධ බැවින් ඉතා කල්පනාකාරීව සිදුකල යුතු බව පැවසී ය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති යාන්ත්‍රණය, සේවාව යම් ස්ථාවරත්වයකට ගෙන විශ්වාසය ගොඩනැගීම තමන් වෙත පැවරුණු පළමු කාර්ය බව පැවසූ අමාත්‍යවරයා මෙවැනි ආකාරයේ පරිත්‍යාග විධිමත් කිරීමට ද අවධානය යොමුකරන බව පැවසීය.
සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේ දී රටේ පවතින සමහර නීති ඊති එලෙසම අනුගමනය කරමින් සහ කාලයම ගනිමින් සමහර හදිසි ගැටළු වලට විසදුම් සෙවීමට නොහැකි බව ද මෙහි දී සදහන් කළ අමාත්‍යවරයා එයට පරිත්‍යාගශීලීන්ගේ , දානපතියන්ගේ, රාජ්‍ය තාන්ත්‍රිකව ලැබෙන පරිත්‍යාග ආදිය උපකාර කර ගැනීමට සිදුවන අවස්ථා ද වනබව පෙන්වා දෙන ලදී.
එවැනි කටයුතු පහසුවෙන්, සුමටව කරගෙන යාමට කටයුතු කළ යුතුබව පැවසූ අමාත්‍යවරයා එහි තර්ක දෙකක් නොමැති බව ද පැවසීය.
පරිත්‍යාගශීලීන් රෝගී ඇඳන්වල සිට සෞඛ්‍ය උපකරණ දක්වා සිදුකරන පරිත්‍යාගය රෝහල් කටයුතු පවත්වා ගෙන යාමට අතිශය වැදගත්වන බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරි වසර 10 සදහා රෝහල් කවර ආකාරයකට, කවර ප්‍රමාණයකට පහසුකම් නැංවිය යුතුද, අවශ්‍යවන උපකරණ මොනවද, යන්න සම්භන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවද, අවධාරණය කළ අමාත්‍යවරයා ඒ අනූව රෝහල් සේවා මණ්ඩලයේ සහාය ද ලබා ගත හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහි දී පැවසී ය.
“සුවපත් සමාජයක් උදෙසා” යන්න තේමා පාඨය කරගනිමින් සෞඛ්‍ය, අධ්‍යාපන, සාමාජික හා සංස්කෘතික සේවාවන් දියත් කිරීම මෙම රෝහල් සේවා මණ්ඩලයේ ප්‍රධාන පරමාර්ථයයි.
මහරගම සිරි වජිරඤණ ධර්මායනාධිපති ස්වාමීන්ද්‍රයන්වහන්සේ ඇතුලු ත්‍රෛනිකායික නායක ස්වාමීන්ද්රයන්වහන්සේලා පස්නමකගෙන් යුත් පැවදි අනුශාසකමණ්ඩලයකින් සමන්විත වන රෝහල් සේවා මණ්ඩලයේ පාලන අධ්යක්ෂ කටයුතු රාජකීය පණ්ඩිත පූජ්‍ය රජවැල්ලේ සුභූති හිමියන් විසින් මෙහෙයවනු ලබයි.
රෝහල් සේවා මණ්ඩලයේ පාලන අධ්යක්ෂ රාජකීය පණ්ඩිත පුජ්‍ය රජවැල්ලේ සුභූති හිමි විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.
මෙම අවස්ථාවට අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජනීය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ, අමරපුර ශ්‍රී ධම්මරක්ෂිත මහා නිකායේ මහානායක අග්ගමහාපණ්ඩිත ශ්රාස්ත්රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය ත්‍රිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන්වහන්සේ, රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය අතිපූජ්‍ය අකුරටියේ නන්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩමකර සිටි අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රි ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වැබ) වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් සහ සැදැවතුන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.
