Skip to content
Mojo Sinhala

Mojo Sinhala

Mojo Sri Lanka

Primary Menu Mojo Sinhala

Mojo Sinhala

  • උණුසුම් පුවත්
  • දේශපාලන
  • විමර්ෂණ
  • විදෙස්
  • ඉවුම් පිහුම්
  • වෙනත්
  • English
  • උණුසුම් පුවත්

RMIT-UGC ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහනේ නිල සමාරම්භක උත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය!

4 months ago admin

ඔක්තෝබර් 02 දින කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති RMIT හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) හා ඒකාබද්ධව සිදු කරන පර්යේෂණ වැඩසටහනේ නිල සමාරම්භක උත්සවයට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය.

මෙමඟින් ඕස්ට්‍රේලියාවේ RMIT විශ්වවිද්‍යාලය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) අතර ආචාර්ය උපාධි පුහුණුව ලබා ගන්නා සිසුන් සඳහා විශේෂ අවස්ථාවක් නිර්මාණය කිරීම සිදුවන අතර ශාස්ත්‍රීය පාඨකයින් හට දැනුම, පර්යේෂණ සහ නවෝත්පාදන අවස්ථා සලසමින් ශ්‍රී ලංකාවේ තරුණ විද්වතුන් පුහුණු කිරීම මෙහි අරමුණ වී ඇත. මෙම වැඩසටහන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ එක්ව ක්‍රියාත්මක වේ.

මෙහිදී ශිෂ්‍යත්ව 30ක් ප්‍රදානය කෙරිණි.

උත්සවය අමතමින්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විද්වතුන්ගේ සහ පර්යේෂකයන්ගේ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා RMIT සමඟ ඇති මෙම හවුල්කාරිත්වයේ වැදගත්කම පැසසුමට ලක් කළ අතර, රට මුහුණ දී ඇති තීරණාත්මක ක්ෂේත්‍ර සඳහා ඵලදායී ලෙස විසදුම් සෙවීම සඳහා පර්යේෂකයන්, විද්වතුන්, වෘත්තිකයන් සහ ප්‍රවීණයන්ගේ සක්‍රීය දායකත්වය රජයට අවශ්‍ය බව අවධාරණය කළා ය.

සාම්ප්‍රදායික ප්‍රවේශයන්ගෙන් ඔබ්බට ගොස් අන්තර් සහ බහුවිධ උපාය මාර්ග අනුගමනය කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළ අතර මෙම අවස්ථාවෙන් උපරිම අවස්ථාව ලබාගනිමින් රට තිරසාර කර සංවර්ධනයක් කරා මෙහෙයවීමට නායකත්වය ගන්නා ලෙස අද දින ශිෂ්‍යත්ව ලැබූ ශිෂ්‍යයින්ගෙන් අග්‍රාමාත්‍යවරිය ඉල්ලා සිටියා ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ වැඩ බලන මහ කොමසාරිස් ලලිතා කපූර් මහත්මිය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති, RMIT නියෝජිතයින්, කුලපතිවරුන්, උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන්, ජාතික ජලසම්පාදන මණ්ඩලයේ සාමාජිකයින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

END/PMMD/MMP/06102025

Continue Reading

Previous නාය යාම් අනතුරු ඇඟවූ ප්‍රදේශ ආශ්‍රිත ජනතාවට තවදුරටත් අවධානයෙන් සිටින ලෙස දන්වයි – හිරුණි ලක්ෂිකා
Next ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

More Stories

  • උණුසුම් පුවත්

T20 ලෝක කුසලානය වෙනුවෙන් මෙරට ආරක්ෂාව තර කෙරේ – පහන් සිතුමිණ

4 hours ago admin
  • උණුසුම් පුවත්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් – හිරුණි ලක්ෂිකා

4 hours ago admin
  • උණුසුම් පුවත්

දිට්වා වන්දි දීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ඇරඹීමට ජනපති අද මහනුවරට – හිරුණි ලක්ෂිකා

4 hours ago admin

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

  • T20 ලෝක කුසලානය වෙනුවෙන් මෙරට ආරක්ෂාව තර කෙරේ – පහන් සිතුමිණ
  • ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් – හිරුණි ලක්ෂිකා
  • දිට්වා වන්දි දීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ඇරඹීමට ජනපති අද මහනුවරට – හිරුණි ලක්ෂිකා
  • ප්‍රදේශ රැසකට අදත් වැසි – පහන් සිතුමිණ
  • ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක් – හිරුණි ලක්ෂිකා

You may have missed

  • උණුසුම් පුවත්

T20 ලෝක කුසලානය වෙනුවෙන් මෙරට ආරක්ෂාව තර කෙරේ – පහන් සිතුමිණ

4 hours ago admin
  • උණුසුම් පුවත්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් – හිරුණි ලක්ෂිකා

4 hours ago admin
  • උණුසුම් පුවත්

දිට්වා වන්දි දීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ඇරඹීමට ජනපති අද මහනුවරට – හිරුණි ලක්ෂිකා

4 hours ago admin
  • උණුසුම් පුවත්

ප්‍රදේශ රැසකට අදත් වැසි – පහන් සිතුමිණ

4 hours ago admin
  • උණුසුම් පුවත්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක් – හිරුණි ලක්ෂිකා

18 hours ago admin
Copyright © All rights reserved. | Mojonews by DigitalA 2022.