ලෝක අමද්‍යප දිනය අදයි – ඔක්තෝබර් 03!

ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබුණි.   ඒ හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන වසා තැබුණි.

මද්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට ශ්‍රී ලාංකිකයක් 50කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මිය යන අතර ඒ අනුව වසරකට ලාංකිකයින් 15000ත් 20000ත් අතර ප්‍රමාණයක් මේ නිසා මරණයට පත්වන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.  මේ අතර මධ්‍යසාර හේතුවෙන් වසරකට ලොව පුරා පුද්ගලයින් මිලියන 03කට ආසන්න සංඛ්‍යාවක් ආකාලයේ මරණයට පත්වන බව අනාවරණ  තිබේ.

එමෙන්ම ලොව පුරා සිදුවන වළක්වා ගත හැකි මරණවලින් 10න් 8කටම හේතුවක් වන්නේ බෝ නොවන රෝග (NCD) වන අතර බෝ නොවන රෝග ඇති වීමට බලපාන ප්‍රධාන සාධක 4න් 1ක් ලෙස මද්‍යසාර භාවිතය නිසා බව  පෙන්වා දිය හැකියි.

1980–1990 කාලයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ අන්තර්ජාතික මත්පැන් හා මත්ද්‍රව්‍ය විරෝධී සංවිධාන කිහිපයක් එක්ව මත්පැන් භාවිතය රෝගයකට සාධකයක් බව පෙන්වා දුන් අතර,  ඉන්පසු 1988 දී, WHO විසින් අප්‍රිකා සහ ආසියානු රටවල් කිහිපයක් එක්ව “No Alcohol Campaign Week” නමින් වැඩසටහනක් ආරම්භ කෙරිණි.

මෙම වැඩසටහන කෙරෙහි ලැබුන ජනතාවගේ ප්‍රතිචාරය හේතුවෙන් එය වසරකට එක් දිනක් ලෙස ප්‍රකාශ කිරීමට තීරණය විය.

ඒ අනුව ලෝක අමද්‍යප දිනය වාර්ෂිකව ඔක්තෝබර් මස 03 වන දින සමරනු ලබන්නේ අමද්‍යප ව්‍යාපාරය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සහ මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමටයි.

එහෙත්, මධ්‍යසාර පාන භාවිතයෙන් වැළකී සිටීම හෝ එක්  දිනක්  පමණක් මත්පැන් සල් වසා තැබීමට වඩා ,  කිසිසේත් ම මධ්‍යසාර භාවිතා කිරීමට නොහැකිවන සේ මත්පැන් අලවෙිය  නවත්වා දැමීමට පියවර ගැනීම යහපත් බව මත්පැන්වලට ඇබ්බැහි වී සිටී ඇතැම් පුද්ගලයින් පවා පැවසූහ.

”  බාර් වලින් ලබාගන්න ආදායම වෙනත් ව්‍යාපාරවලින් හෝ  නව මාර්ග වලින් උපයා ගන්නට පියවර ගැනීම රජය සතු වගකීමක් බව සදහන් කරන එම පුද්ගලයින්, ලංකාවෙන් මත් පැන් භාවිතය සම්පූරණයෙන් අහෝසි කිරීම තුළින් බොහෝ පවුල් ආරවුල් මෙන් ම සමාජ ආරවුල් ද වලට තිත තැබීමක් සිදුවන බව පෙන්වා දුණි.                                             ”

END/MMP/03102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *