බිස්කට් එකක් කෑවා කියලා දස හැවිරිදි දරුවෙකුට හලාවත ගුරුවරියක් පහර දීලා – හලාවත හිරුනි ලක්ෂිකා

වයස අවුරුදු දහයක විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකුට පහරදී කොට්ටකින් මුනට ඈන තුවාල සිදුකල හලාවත පාසලක ගුරුවරියක් පිලිබදව වාර්තා වෙයි .මේ ගුරුවරියගේ විශේෂත්වය වන්නේ ඇය විශේෂ අවශ්‍යතා සහිත දරුවනට ඉගැන්වීම සදහා පුහුණුව ලබා තිබීමයි .මේ ගුරුවරිය මිට පෙර අවස්ථා දෙකකදීද මේ දරුවාට බරපතල ලෙස පහර දුන් බව ඇගේ මව mojo news වෙත පැවසුවාය .අද 03 දහවල් වන විටත් මේ දරුවා හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලැබිය .
මේ සම්බන්ධයෙන් මේ දරුවාගේ මව හලාවත මුලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත . මේ ගුරුවරියගෙන් පහර දීමට හේතුව පිලිබදව කල විමසීමේදී කියා ඇත්තේ දරුවා තවත් දරුවෙකුගේ බිස්කට් එකක් කෑ නිසා කොට්ටක් ගෙන පහර දුන් බවයි .එහිදී කොට්ට දරුවාගේ මුනේ ඇනුණු බවද ප්‍රකාශ කර ඇත . දරුවාගේ ශරීරයේ කොටු පාරවල් දහයකට ආසන්න ප්‍රමාණයක් දක්නට ලැබෙන බවද මව පැවසුවාය .

මිට පෙර වෙන්නප්පුව ප්‍රධාන පෙලේ පාසලක ගුරුවරියන් තිදෙනෙකු කල පහරදීමකින් සිසුවියක් මියයන ලදී .අද හලාවත පාසලක ගුරුවරියක් අමානුෂික ලෙස දරුවෙකුට පහර දී තිබේ මෙවැනි ගුරුවරුනට ලබා දෙන දඩුවම් පිලිබදව විමසිල්ලෙන් සිටිය යුතු නොවන්නේද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *