සති දෙකක් ඇතුලත පුත්තලමෙන් අලි පහරදීමෙන් මරණ දෙකක්
ඇතෙකු පහරදීමෙන් ආනමඩුව සියඹලගස්හෙන ග්‍රාමයේ පුද්ගලයෙකු අද 02 අලුයම මියගොස් ඇත . මෙලෙස මියගොස් ඇත්තේ එච්.පි රන්බණ්ඩා (67 )නමැති එක්
දරු පියෙකි .
මියගිය පුද්ගලයා නිවසේ සිට තම වගාවන් බැලීම සදහා යාමේදී මේ අනතුරට ලක්ව ඇත . පහරදීමෙන් පසු ඔහු එම ස්ථානයෙම මියගොස් තිබේ . මිට සති දෙකකට
පෙරද ආනමඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකින් මිය යන ලදී .
වසරකට ආසන්න කාලයක සිට මේ ප්‍රදේශ වල අලි පලවා හැරිම සිදු කරන අතර මේ වන විට අලි, හලාවත නගර ආසන්නය දක්වා පැමිණ තිබේ .
මේ සදහා ඉක්මන් විසදුමක් ලබා දෙන ලෙස ජනතාව රජයෙන් ඉල්ලා සිටි .
