රනිල් ගැන මහින්ද තැබූ සටහන – හිරුණි ලක්ෂිකා
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය මුහුණු පොතේ සඳහන් කර තිබූ සටහනක් පිළිබඳව දේශපාලන ක්ෂේත්රයේ බොහෝ දෙනකුගේ අවධානයට යොමු වුණා.
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට තංගල්ල කාල්ටන් නිවසට ගියා.
එම හමුවීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ සිය මුහුණු පොතේ සටහන් කර තිබූ සටහන පිළිබඳව දේශපාලන ක්ෂේත්රයේ බොහෝ දෙනකුගේ අවධානයට ලක්වුණා.
රනිල් ,මහින්ද බලන්නට පැමිණ ගියාට පසු මහින්ද සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබුණා.
එය දේශපාලනයේ පරිණත දැක්මක පිළිබිඹුවක් වුණා. ආණ්ඩුවටත් අතුල් පහරක් ලෙස හඳුන්වා ගත්තාටද වරදක් නැහැ.
මහින්ද රනිල් ගැන සටහන් කළේ මෙහෙමය.
“දේශපාලනමය වශයෙන් වෙනත් මතයන් දරද්දීත්, ජාතික වගකීම් ඉටුකරමින් අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලනය සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්ය.
හිතවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි.
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියවද ගෞරවයෙන් සිහිපත් කරමි”
