අස්ගිරි අභිනව අනු නාහිමි සන්නස්පත්‍ර ප්‍රදානය හෙට – හිරුණි ලක්ෂිකා

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අභිනව අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන් වෙත එම පදවියට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය උත්සවය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (03) පස්වරු 2.00 ට  ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේ දී පැවැත්වීමට නියමිතයි.

අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන  ස්වාමින්ද්‍රයන්වහන්සේ ප්‍රමුඛ එම පාර්ශවයේ අනුනායක ස්වාමින්ද්‍රයන්වහන්සේ ඇතුළු කාරක සංඝ සභික හිමිවරු ද මල්වතු පාර්ශවයේ අනුනායක හිමිවරු දෙනම ප්‍රමුඛ කාරක සංඝ සභාව නියෝජනය කරන හිමිවරු පස් නමක් ද මැති ඇමැතිවරු ද වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ සිව් මහා දේවාල බස්නායක නිලමේවරු ද රාජ්‍ය නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතයි.

ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන් අපවත්වීමෙන් පුරප්පාඩුවූ අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවියට නාරම්පනාවේ ආනන්ද නාහිමියන් පසුගිය අගෝස්තු මස 28 වැනි දින පත්වූයේ එම පාර්ශවයේ විංසත් වර්ගික කාරක සංඝ සභාව නියෝජනය කරන සියලු දෙනා වහන්සේගේ එකඟතාවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *