එක්සත් රාජධානියේ වැඩ කිරීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යය කෙරේ

නීතිවිරෝධී සංක්‍රමණ උත්සාහයන් මැඩපැවැත්වීමේ අරමුණින් යුතුව,  එක්සත් රාජධානිය තුළ රැකියා කරන සැමට ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යය කිරීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

නව ඩිජිටල් හැඳුනුම්පත් යෝජනා ක්‍රමය මඟින් එක්සත් රාජධානියේ නීතිවිරෝධී ලෙස සේවය කිරීම දුෂ්කර වන අතර එමගින් පුරවැසියන්ට ප්‍රතිලාභ රැසක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය කියර්  ස්ටාර්මර් පවසා ඇතැයි වාර්තා වෙයි.

එරට  කම්කරු පක්ෂය බලයට පත්වීමෙන් පසු කුඩා බෝට්ටුවලින් සංක්‍රමණිකයන් 50,000කට වැඩි පිරිසක් පැමිණීමත් සමඟ නීතිවිරෝධී සංක්‍රමණය ගැටලුවක් බවට ම පත් වී එය විසඳීම සඳහා රජයට පීඩනයක් එල්ල වී ඇති බව ද සදහන් කරයි.

එබැවින්, නව ඩිජිටල් හැඳුනුම්පත හේතුවෙන් එරට නීති විරෝධී ලෙස වැඩ කිරීම දුෂ්කර වන අතර දේශසීමා වඩ වඩාත් ආරක්ෂා සහිත කරන බව ද වාර්තා වේ.

END/MMP/28092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed