“ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” නියමු ව්‍යාපෘතියේ දෙවන මධ්‍යස්ථානය රත්නපුර, ඇත්ඔය දී ජනතා අයිතියට
මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පළමු අදියර යටතේ පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව එම අමාත්‍යාංශය මේවන විට සැලසුම් කර ඇත.
ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශවිය හැකි ස්ථානයක ස්ථාපිත කරන මෙම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථානය ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති අතර නව රජයේ “සුවපත් රටක් උදෙසා” (HEALTHY SRI LANKA) නව්‍ය වැඩසටහන යටතේ ක්‍රියාත්මකවන මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වර්ෂය තුළ දී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන සියයක් ජනගත කිරීමට නියමිත ය.
ඒ අනුව ක්‍රියාත්මකවන නියමු ව්‍යාපෘතියේ දෙවන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇත්ඔය ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ඊයේ පස්වරුවේ (27) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. මෙහි දී පළමු සේවාලාභියා ලියාපදිංචිය හා සහ ඊට අඳාළ කාඩ්පත ලබාදීම ද අමාත්‍යවරයා අතින් සිඳුවිය.
ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයෙන් සිදුවන සේවාව පිළිබදව පැමිණි සිටි ජනතාව මෙහි දී දැනුවත් කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයත්ස්ස මහතා ග්‍රාම නිලධාරී වසම් හතරක හෝ පහක පන්දහසත් ,දසදහසත් අතර ජනතාවක් ආවරණය වන පරිදි සෞඛ්‍ය කණ්ඩායමක් ද හඳුන්වාදී එම ජනතාව මෙම මධ්‍යස්ථානයට භාරකරන බවත්, නාම පුවරුවේ සදහන් පරිදිම මෙය සුවතා මධ්‍යස්ථානයක් බව පැවසී ය.
මෙහි විශාල අර්ථයක් පවතින බවත්, ජනතාවට යම් රෝගයක් වැළදී සංකූළතා ඇතිවී රෝහලට යාමට පෙරම රෝගය කළින් හදුනාගැනීම මෙම මධ්‍යස්ථානයෙන් සිඳුකරන බවත්, විශේෂයෙන්ම දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා වැනි රෝගද ඇතුළත්ව බෝනොවන රෝග කළින් හදුනා ගැනීම සිඳුකරන බව ද පැමිණි සිටි ජනතාව හමුවේ පැවසී ය.
ඒ් සදහා අඳාළ ප්‍රදේශයේ ජනතාව ලියාපදිංචිකර අවශ්‍ය මුළික පරික්ෂණ සිදුකරන බව ද, මෙම මධ්‍යස්ථානයට අනුයුක්තවන වෛද්‍යනිලධාරියාගේ සීමාවෙන් එහාට යන වෛද්‍ය පරීක්ෂණ සහ සෞඛ්‍ය ප්‍රතිකාර කටයුතු සදහා එම ජනතාවට පහසුවක් ලෙස දිනයක්, වේලාවක් වෙන්කර ළගම තිබෙන ද්විතීයික හෝ තෘතීයික රෝහලකට වැඩිදුර ප්‍රතිකාර සදහා යොමුකරන බව ද අවධාරණය කර සිටියේ ය.
මෙම මධ්‍යස්ථානය නියමු ව්‍යාපෘතියේ දෙවන මධ්‍යස්ථානය බවද, මෙවැනි සුවතා මධ්‍යස්ථාන දහසක් රටතුළ ස්ථාපිත කරන බවද පැවසී ය.
අට දෙනෙකුගෙන් යුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලයක් මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට අනුයුක්තකරන බව පැවසූ අමාත්‍යවරයා ජනතාවගේ සෞඛ්‍ය පිළිබදව ජනතාව නොසිතුවත් ඔවුන්ගේ සෞඛ්‍ය මෙම කාර්ය මණ්ඩලය විසින් රැකබලා ගන්නා බව ද පැවසී ය.
මෙම මධ්‍යස්ථාන තුළින් ජනතාවට සෞඛ්‍ය උපදේශණය, ඖෂධ ලබා දෙන ස්ථායක් පමනක් නොවන බවත්, අදියරෙන් අදියර දේශීය සහ ආයුර්වේද ප්‍රතිකාර සේවාවන් ද ආරම්භ කරන බවත්, ඒමෙන්ම ශාරීරික ව්‍යායාම,යෝග, මියුසික් තෙරපි වැනි දේවල් ද ඔබේ ජීවිතයට හුරුකරන තැනක් බවට පත්කරන බව ද පැව සී ය.
මෙහි සංකල්පය කොතරම් හොද වුවත් මෙය අභියෝගාත්මක කාර්යක් බවත්, තිබෙන ක්‍රමය ඇතුලේ වෙනස් ආකාරයකට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම ස්ථානගත කිරීම සිදුකරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් මෙහි දී පැවසී ය.
