සියදිවි හානි කර ගැනීම වැලැක්වීම පිළිබඳව දැනුවත් කිරිමේ වැඩ සටහනක්

සිය දිවි හානි කරගැනිම වැලැක්වීම හා අඩු වයස් ගැබ් ගැනීම් වැලැක්වීම පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ මනෝ සාමාජිය වැඩසටහනක් කෑගල්ල කාර්මික විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි.

අතීතයේ සහ වර්තමානයේ තරුණ ප්‍රජාව ගැටළු වලට මුහුණ දෙන ආකාරය වෙනස් වීමත් උපදේශනයේ වැදගත්කම මෙම අවස්ථාවට එක් වෙමින් කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කුසුම් බණ්ඩාර මහත්මිය විසින් පැහැදිලි කෙරිණි.

නව යොවුන් වියේ ගැබ් ගැනීම් හා සියදිවි හානි කර ගැනීම සම්බන්ධව මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක්, පිඩාවෙන් තොර ජිවිතයට මනෝ විද්‍යා මගපෙන්විම, මනෝ විද්‍යා උපදේශන හා මනෝ විද්‍යා චිකිස්සක ක්‍රම පිළිබඳව දරුවන් දැනුවත් කිරිම සදහා දිස්ත්‍රික් මනෝවිද්‍යා උපදේශන නිලධාරි එම්.බී.එම්.ඉක්බාල් මහතා ද මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී (උපදේශන) චන්දිමා වලිසිංහ මහත්මිය ද වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරි (උපදේශන) එම් සෙන්දනායක යන මහත්ම මහත්මීන් විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සදහා කෑගල්ල කාර්මික විද්‍යාලයේ විදුහල්පති පී.ජී.එස්.තලපිටිය මහතා, ගුරුවරුන් , ශිෂ්‍යන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

END/GONP/MMP/27092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *