ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරල් Zaw Moe Lwin සැප්තැම්බර් 25 දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලයට පැමිණි මියන්මාර ආරක්‍ෂක උපදේශකවරයා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සුහද සාකච්ඡාවක නිරත වූහ.

එහිදී, ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින අන්තර් සබඳතා වර්ධනය කිරීමට අවශ්‍ය කෙරෙන කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කරනු ලැබූ අතර, විශේෂයෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව හා හමුදා පුහුණු අවස්ථාවන් පිළිබඳ අවධානයට ලක් විය.

පසුගිය අප්‍රේල් මාසයේදී මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් හානියට ලක් වූ ප්‍රදේශවල ආපදා ප්‍රතිසාධන මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් සිදුකල කාලෝචිත මැදිහත්වීම මියන්මාර ආරක්‍ෂක උපදේශකවරයාගේ පැසසුමට ලක් වූ අතර, එය දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයේ සහ අන්‍යොන්‍ය ගෞරවයේ සංකේතයක් ලෙස පිළිගත්තේය.

END/GONP/MMP/27092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed