නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ
“Clean Sri Lanka” සමගාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක “Dream Destination” වැඩසටහන යටතේ නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අද (27) ආරම්භ කෙරිණි.
කැලණි වැලි මාර්ගයේ තවත් එක් සුවිශේෂී දුම්රිය ස්ථානයක් සේ සලකන නාරාහේන්පිට දුම්රිය ස්ථානය කොටා රෝඩ් දුම්රිය ස්ථානයට හා කිරුලපන දුම්රිය ස්ථානයට මැදිව පිහිටා ඇති අතර, කොළඹ සිට 5.06 km දුරක් හා මුහුදු මට්ටමේ සිට උස 3.72m කින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය ප්‍රධාන වේදිකා දෙකකින් හා එක් ටිකට් කවුන්ටරයකින් සමන්විත වේ.
ඒ අනුව මෙම දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකා යා කරමින් මගී ගුවන් පාලමක් ඉදි කිරීම, සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුළු නවීකරණ කටයුතු රැසක් සිදු කිරීමට නියමිතව තිබේ.
පෞද්ගලික අංශයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම නවීකරණ කටයුතු සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.
