අසංවිධිත සංවර්ධනය වෙනුවෙන් පොලීසිය ආගමීක නායකයින් ඇතුලු පුරවැසියන්ට පහර දෙයි!

ඊයේ , 26 වෙනි දා රාත්‍රියේ දී පොලිස්  ආරක්ෂාව මැද, මන්නාරමට සුළං බලාගාර ටර්බයිනර් ගෙනඒමට කටයුතු දියත් කර තිබූ අතර, ඊට විරෝධය පාමින් මන්නාරම කිතුනු පූජකතුමන් කිහිප දෙනෙකු ඇතුලු පුරවැසියන් සාමකාමිව දියත් කළ උද්ඝෝෂණයට පොලීසිය ප්‍රහාරයක් එල්ල කළ බවත්,  කිහිප දෛනෙකුම දැඩි තුවාල ලබා රෝහල්ගත කළ බවත් පුරවැසි සංවාද සාමුහීකය ප්‍රකාශ කළේය.
ජනතාවගේ සහ පරිසර කණ්ඩායම්වල බලපෑම නිසා ම , මන්නරාම සුළං විදුලි බලාගාරය කටයුතු නවතා තිබුණි. එහෙත්, විසදුම් රහිතව, තාවකාලිකව අත්හිටුවා තිබූ මන්නරාම සුළං විදුලි බලාගාරයේ ඉදිරි කටයුතු සදහා අවශ්‍ය ටර්බයින සහ අනෙකුත් උපකරණ පොලිස් ආරක්ෂාව සහිතව ඊයේ රෑ එනම් සැප්තැම්බර් 26 වෙනි දා මන්නාරමට ගෙනෙනු ලැබූණි.
මෙම අසංවිධානාත්මක විනාශකාරී සංවර්ධනයට එරෙහිව හැමදාමත් සටන් කරන පුරවැසි කමිටු සාමාජීකයින් සහ කිතුනු පූජකවරු ඊයේ රාත්‍රියේත් ටර්බයිනර් අදාළ ස්ථාන කරා ප්‍රවාහනය කරන අවස්ථාවේදී පාරට පැමිණ සටන් පාඨ පමණක් කියමින් ප්‍රධාන පාරේ හරහට වාඩි වී විරෝධය පළ කළහ. තම ජීවිතවලට, ජීවනෝපායට, පරිසරයට සෘජුවම තර්ජනයක් වන මෙම සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව සාමකාමී විරෝධතාවයක නිරත වූ විරෝධතාකරුවන්ට – පිරිමින්ට, කාන්තාවන්ට (තරුණ, වැඩිහිටි) සහ පූජ්‍ය පක්ෂය අමතමින් ටර්බයින සහිත වාහන ඉදිරියට යාමට ඉඩ ලබාදෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටියේය.
එහෙත්,  පරිසරයට සහ ජීවනෝපායන් තර්ජනයක් වන සුළං බලාගාරයක් සඳහා ටර්බයින සහ අමතර කොටස් ප්‍රවාහනය කිරීම අවහිර කිරීමට උත්සාහ කළ “මන්නාරම පුරවැසි කමිටුව” ප්‍රමුඛ විරෝධතාකරුවන්ට පොලිසිය අමානුෂික ලෙස පහර දීමෙන් මන්නාරමේ කාන්තාවන් ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. පූජක ඇදුමින් සිටී එක් පූජකයෙකු පවා දෑත් දෙපාවලින් ඔසවාගෙන හිරිහැර කළේය.
                                                        

මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින්, දේශගුණික හා දේශපාලන ක්‍රියාකාරිනියක් වන මෙලනි ගුණතිලක පැවසුවේ ජනාධිපතිවරයා තිරසාරභාවය සහ ජෛව විවිධත්වය පිළිබඳව ලෝකය සමඟ කතා කරන බවත් , ජනතාවගේ හඬට තමන් ගරු කරන බව පවසන බවත්ය.

“නමුත් එන්පීපී රජය මන්නාරමේ ප්‍රදේශවාසීන්ට පහර දෙන්නේ ජීවනෝපායන් කඩාකප්පල් කරන සහ ඔවුන්ගේ පානීය ජලය දූෂණය කරන සංවර්ධන ව්‍යාපෘති බලහත්කාරයෙන් සිදු කිරීමටයි,” ඇය තවදුරටත් පැවසුවාය.

“මෙහි විරෝධතා සුළං ටර්බයින ගැන පමණක් නොවේ; ඒවා ගෞරවය, පැවැත්ම සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ය. සැප්තැම්බර් 26 වන දින රාත්‍රියේ මන්නාරමේ ජනතාවට එල්ල කරන ලද ප්‍රචණ්ඩකාරී පොලිස් මර්දනය පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ යුක්තිය කෙතරම් බිඳෙනසුලුද යන්න පිළිබඳ බියකරු මතක් කිරීමකි,” යනුවෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ජේසු නිකායේ  රෝයි ප්‍රනාන්දු පියතුමා පැවසීය.

“දින 55 කට වැඩි කාලයක් මන්නාරමේ ධීවරයින්, ගොවීන්, කාන්තාවන්, ළමයින් සහ කතෝලික පූජකවරු සාමකාමී සත්‍යග්‍රහයක් පැවැත්වූහ. ඔවුන් දිවා රෑ නොබලා පාර අයිනේ රැස්වී, ජපමාලය කියමින්,  පුවරු අතැතිව, ගීතිකා ගායනා කරමින් සහ සංවාදයක් සඳහා ආයාචනා කළහ. ඔවුන්ගේ ඉල්ලීම භයානක නොවීය; ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන් වෙත  රජයේ සවන් දීම, උපදෙස් ලබා ගැනීමට සහ ඔවුන්ගේ අනාගතය හැඩගස්වන තීරණ වලදී ඔවුන්ගේ හඬ වැදගත් බව පෙන්වීමටයි. නමුත් ඊයේ –  සැප්තැම්බර් 26 වන දින රාත්‍රියේ එම සාමය, බලහත්කාරයෙන් ඉටු විය,” රෝයි පියතුමා පැවසීය.

– මෙලනි මානෙල් පෙරේරා
END/MMP/27092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *