මධ්‍යම   පළාතේ  සාමන්‍ය පෙළ ප්‍රතිපල  ඉහළ නැංවූ   නිලධාරින්  ගුරු විදුහල්පතිවරුන්    ඇගයේ –  මොහොමඩ් ආසික්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024/2025 විභාභ    ප්‍රතිඵලවලින්  මධ්‍යම පළාත ජාතික මට්ටමින් ඉහළ නැංවීමට දායක වූ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් ඇගයීම හා විදුහල්පති පත්වීම් ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.ඒ. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (23) පැවැත්විණි.
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේදී මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇගයීමට ලක් කෙරිණි.
2024/2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව ජාතික මට්ටමින් සිව්වන ස්ථානය දක්වා ඉහළට ඒමට මධ්‍යම පළාතට හැකි වූ අතර මහනුවර අධ්‍යාපන කලාපය විසින්, දිවයිනේ අධ්‍යාපන කලාප අතරින් ප්‍රථම ස්ථානය හිමි කර ගන්නා ලදි.
ඒ අනුව මෙහිදි ප්‍රතිඵල ඉහළ නැංවීමට දැක්වූ දායකත්ව මත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත රන්, රිදි හා ලෝකඩ වශයෙන් සම්මාන ප්‍රදානය සහ ප්‍රශංසා සහතික පිරිනැමිම සිදු කෙරිණි.
මීට සමගාමීව පුරප්පාඩුව පැවති පාසල් කිහිපයක විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති තනතුරු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා  මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, අධ්‍යක්ෂ (සැලසුම්) කේ.ජි.එස්. නිශ්ශංක, ප්‍රධාන ගණකාධිකාරි ප්‍රශාන්ත මැදගෙදර, ආණ්ඩුකාර සහකාර ලේකම් චාමර අලහකෝන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් යන මහත්ම  මහත්මීන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *