අල්ලස හා දූෂණයෙන් තොර දේශයක් කරා පළාත් පාලන නියෝජිතයින් දැනුවත් කෙරේ – මොහොමඩ් ආසික්
අල්ලස හා දුෂණයෙන් තොර සුසැදි දේශයක් කරා පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පල්ලේකැළේ දී.
අල්ලස හා දුෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමේ මැයෙන් හා සංවර්ධිත රටක් බලාපොරොත්තු වන්නේ නම් ප්‍රථමයෙන් අල්ලස හා දුෂණයට එරෙහිවන්න තේමාවෙන් මධ්‍යම පළාත්, පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ මධ්‍යම පළාත් වැඩසටහන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බි. එස්. අභයකෝන් මහතාගේ හා අල්ලස් හෝ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ කේ.බි. රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (22) පල්ලේකැළේ පළාත් සභා සංකීර්ණයේදී පැවැත්විණ .
මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර මහාචාර්ය එස් බි එස් අභයකෝන් මහතා සදහන් කර සිටියේ අල්ලස දුෂණය වැලැක්වීමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවත් අල්ලස දුෂණය වැරදි සිදුකරන පුද්ගලයින්ට නිතීමය ක්‍රියාමාර්ග ගැනීමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවත්ය. අල්ලස වැලැක්විය හැක්කේ තමන් සුපිළිපන්න වුවහොත් පමණක් බව හා අල්ලස හා දුෂණය වැලක්වීමට පිළිතුර සුපිළිපන්න මිනිසෙකු විම බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළ සිටියා.මෙම අවස්ථාවට මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් නීතිඥ රංග දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මදුපානි පියසේන, වැඩබලන පළාත් පාලන කොමසාරිස් ඉනෝදනී තඹවිට ඇතුළු මහත්ම මහමින් පිරිසක් ඊට සහභාගී වුහ.
මෙම වැඩසටහන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව හා මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කොට තිබුණ.
