දුනිත්ගේ පියාට ගෞවරයක් ලෙස ක්‍රිකට් පිටියේදී විනාඩියක නිහඬතාවයක්

දුනිත් වෙල්ලාලගේ පියාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස අද (20) තරගයේ ජාතික ගීය වාදනය කිරීමට පෙර විනාඩියක නිහඬතාවයක නිරත වූ බව මාධ්‍ය වාර්තා කරයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයන් එක් වූහ. එමෙන්ම විනිසුරු ඇතුළු සියලුම ක්‍රීඩකයෝ කළු අත් පටි පැළඳ සිටි බව වාර්තා වෙයි.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන්  දුනිත්ගේ පියා 18 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර, ඒ වනවිටත් ඔහු ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය නරඹමින් සිට ඇත.

කෙසේවෙතත් සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ඊයේ (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර තරගයට සහභාගී වීම සඳහා ඔහු නැවතත් අද (20) අලුයම එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පැමිණියේය.

තවමත්, නව යොවුන් ක්‍රීඩකයෙකු වුව ද,  යුතුකම සහ වගකීම පිළිබදව මනා වැටිහීමකින් යුතුව පියාගේ අභාවය වෙනුවෙන් පැමිණ අවසන් ගවුරවය දැක්වූ දුනිත් , සිය රට වෙනුවෙන් ඔහුට පැවරී ඇති වගකීම ඉටු කිරීම සදහා ධෛර්ය සම්පන්නව කටයුතු කිරීම ඉතා පැසසුම් සහගතය.  ‌ෙ

ඔහුගේ ධෛර්ය සම්පන්න කැපවීමට මෝජෝ පුවත් අපි ද සුබ පතන්නෙමු!

END/MMP/20092025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed