හලාවත පාසල් අවුල් කරන හස්තය මොකද්ද . ජනතාව රදගුරු මැදුර වටලයි

 

අයත් නැති රාජකාරියකට මැදිහත් වෙමින් තම පාසලේ විදුහල්පතිවරයා මාරු කර යැවීමට විරෝධය  පළකරමින් හලාවත මාදම්පේ සාන්ත සෙබස්තියන් විදුහලේ ළමුන් හා
දෙමාපියන් හලාවත රදගුරු මැදුර වටකර විරෝධය පළකිරීමක් සිදු කරන ලදී

මේ අවස්ථාවේදී හලාවත රදගුරුවරයා පැමිණ කියා සිටියේ තමන් ගත් තීරණය කිසි ලෙසකින් වෙනස් නොකරන බවයි . ” මෙතන ලොකු ගැටලුවක් තියනවා එක ජනතාවට කියන්න බැහැ ” රදගුරුවරයා වැඩිදුරටත් පැවසුහ .

මෙහිදී දෙමාපියන් රදගුරුවරයාට කියා සිටියේ තම පාසලේ විදුහලපතිවරයා ස්ථාන මාරු ලැබ ගිය හොත් පාසලේ අධ්‍යාපනය මුළුමනින් කඩා වැටෙන බවයි .

අද ට (18 ) මාදම්පේ සාන්ත සෙබස්තියන් විදුහලේ අධ්‍යාපන කටයුතු අදාළ වී දින තුනක් ..අද දිනයේ ළමුන්ගෙන් සියයට පනහක් පාසල් පැමිණීම වර්ජනය
කර තිබිණි .

මේ වන විට නිත්‍යානුකුලව කන්ජුක්කුලිය විද්‍යාලයට විදුහල්පතිවරයෙකු පත් කර ඇති අතර ඔහුට වැඩ භාර ගැනීමට මේ දක්වා අවස්ථාවක් ලබා දී නැති බව වාර්තා වෙයි
මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා ප්‍රධාන වයබ අධ්‍යාපන බලධාරීන් වගකිව යුතු නොවන්නේද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *