ගම්පහ දිස්ත්‍රික්කයේ බස්නාගොඩ ජලාශය සහ පානීය ජල ව්‍යාපෘතිය අද(18) ජනතා අයිතියට

ගම්පහ දිස්ත්‍රික්කයේ බස්නාගොඩ ජලාශය සහ පානීය ජල ව්‍යාපෘතිය විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18) ජනතා අයිතියට පත් කෙරේ.

2017 වසරේදී ඇරඹුණු මෙම ව්‍යාපෘතියේ ජලාශය මාස 18 කින්ද ජල පවිත්‍රාගාරය මාස 36කින්ද නිම කිරීමට ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම වන චයිනා මැශිනරි ඉන්ජිනියරින් සමාගම එකඟ වී තිබුණි. නමුත් 2024 දී ජනතා රජය බලයට පත්වනවිට මෙහි වැඩකටයුතු අතරමග නවතා දමා තිබුණි.
2024 දෙසැම්බර් මාසයේ පැවති නව රජයේ පළමු දිස්ත්‍රික් සම්බන්ධන්දීකරණ කමිටුවේදීම මෙම ව්‍යාපෘතියේ වැඩ නැවත ආරම්භ කිරීමට තීරණය කළ අතර වසර 4ක් ඇනහිට තිබී එසේ ඇරඹුණු මෙම ව්‍යාපෘතිය අද(18) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. බස්නාගොඩ ජලාශයේ මුලු වපසරිය හෙක්ටයාර 115කට වැඩිය. එයට යට වූ සියලු ඉඩම් හිමියන්ට මේ වනවිට වන්දි ගෙවා අවසන් ය. ජල ධාරිතාව කියුබික් මීටර් මිලියන 5.5 කි.

මෙම ව්‍යාපෘතිය යටතේ නයිවල , මිනුවන්ගොඩ ,රන්පොකුණගම , පස්යාල හා බැලුම්මහර යන ස්ථානවල නව ජල ටැංකි කුළුණු ඉදි කෙරිණ. මෙම ව්‍යාපෘතිය මගින් ගම්පහ , අත්තනගල්ල සහ මිනුවන්ගොඩ යන ආසන තුනේ සම්පූර්ණ ජල අවශ්‍යතාව සපුරාලිය හැකිය. මහර සහ මීරිගම ආසනවලටද ජලය සැපයිය හැකිය.

END/GONP/MMP/18092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *