හෙරොයින් සමග චීවරධාරියෙකු අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබාගෙන සිටි චීවරධාරියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (16) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලව්ව පොලිස් වසමේ විහාරස්ථානක වැඩ විසූ වයස අවුරුදු 38ක චීවරධාරියෙකු බව පොලීසිය පැවසීය.

පොලීසිය විසින් එම චීවරධාරියා අත්අඩංගුවට ගන්න විට හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රැම් 300ක් සන්තකයේ තිබී ඇත.

එමෙන්ම අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 හා 31 වියෙහි පසුවන්නන් වන අතර, ඔවුන් සතුවද හෙරොයින් ග්‍රෑම් 17ක් තිබී ඇත.

අත්අංගුවට ගත් තිදෙනා අද (17) පොල්හවෙල අධිකරණය වෙත ඉදිරිපත්කළ අතර, එහිදී දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර දී තිබේ.

මෙම සැකකරුවන් මිනුවන්ගොඩ නේවි දිනේෂ් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වේ.

උපුටාගැනිීම – https://sinhala.adaderana.lk/news/214690

END/AdaDerana/MMP/17092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *