ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයන නඩුවේදී කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට ඇප නියම කෙරේ

පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබුලින් (human immunoglobulin ) කුප්පි මිලදී ගැනීමෙන් රජයේ අරමුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ සම විත්තිකරුවන් කිහිප දෙනෙකු ඊයේ (16) කොළඹ මහාධිකරණය විසින් ඇප මත මුදා හරින ලදී.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එක් එක් විත්තිකරුට රුපියල් ලක්ෂ 5 ක මුදල් තැන්පතුවක් සහ රුපියල් මිලියන 5 ක ඇප බැඳුම්කර දෙකක් මත ඇප ලබා දෙන ලෙස නියෝග කරන ලදී. අධිකරණය තවදුරටත් විත්තිකරුවන්ට විදේශ ගමන් තහනමක් පැනවූ අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර භාර දෙන ලෙස නියෝග කළේය.

මෙදින පෙරවරුවේදි ම, රඹුක්වැල්ල සහ අනෙකුත් විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විධිමත් ලෙස ඉදිරිපත් කරන ලදී. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දැනුම් දුන්නේ නීතිපතිවරයා ඇප ලබා දීමට විරුද්ධ බවයි.

විත්තියේ නීතිඥවරුන් විසින් කරන ලද දීර්ඝ කරුණු දැක්වීමෙන් පසුව, මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන විනිසුරු මඩුල්ල විසින් නීතිපතිවරයාගේ විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් සහ විත්තිකරුවන්ට ඇප ලබා දෙමින් නියෝගය ලබා දෙන ලදී.

උපුටාගැනීම ( English news)  – https://www.dailynews.lk/2025/09/16/admin-catagories/breaking-news/858171/keheliya-rambukwella-and-others-granted-bail-in-substandard-drug-import-case/

END/DailyNews/MMP/17092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *