නාමල් වෙනුවෙන් අලුත් දේශපාලන ව්‍යාපාරයක් !
මහින්ද රාජපක්ෂ මහතා දිගු කාලයක් ජීවත් වූ නිල නිවසින් ඉවත් වීමට සිදුවීම තුළ ගොඩනැගෙන දේශපාලන අවශ්‍යතා මත සිය පුත් නාමල් ප්රවර්ධනය කිරීමේ අදහසින් නාමල් වෙනුවෙන් අලුත් දේශපාලන ව්‍යාපාරයක් දියත්කිරීමට නියමිත බව පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විසින් මෙම පියවර තැබීමට සුදානම් වන බවත්, එම දේශපාලන ව්‍යාපාරය, ‘නාමල්ගේ සුවඳ විහිදුවන මහින්දගේ සුළඟ’ (Mahinda Sulagin, Namal Suwanda) නමින් දියත්වනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්ෂ ආරංචි මාර්ග සදහන් කරන පරිදී, මෙම නව දේශපාලන ව්‍යාපෘතිය, හිටපු ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්වීමෙන් පසු ආරම්භ කළ ඔහුගේ පෙර ‘මහින්ද සුළඟ’ මුලපිරීමේ රටාව අනුගමනය කරනු ඇති බව පෙන්වා දෙයි. ඉදිරි දේශපාලන කටයුතුවලට පෙර මෙම ව්‍යාපාරය පක්ෂ සබඳතා ශක්තිමත් කිරීමට සහ ආධාරකරුවන් අතර ගම්‍යතාව පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව ද සඳහන් කරයි.
