ඊශ්‍රායලය ගාසාහි ජන සංහාරයක් සිදු කර ඇති බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම පවසයි!

ඊශ්‍රායලය ගාසාහි පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කර ඇති බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසමක් පවසයි.

2023 වසරේදී හමාස් සමග යුද්ධය ආරම්භ වූ දා සිට ජාත්‍යන්තර නීතිය යටතේ අර්ථ දක්වා ඇති ජන සංහාරක ක්‍රියා පහෙන් හතරක් ඊශ්‍රායලය සිදු කර ඇති බවට නිගමනය කිරීමට සාධාරණ හේතු ඇති බව නව වාර්තාවක සඳහන් වේ: කණ්ඩායමක සාමාජිකයන් ඝාතනය කිරීම, ඔවුන්ට බරපතළ ශාරීරික හා මානසික හානියක් සිදු කිරීම, කණ්ඩායම විනාශ කිරීමට සැලසුම්සහගතව තත්ත්වයන් හිතාමතා ම ඇති කිරීම සහ උපත් වැළැක්වීම එම ක්‍රියා වේ.

ඔවුහු ඊශ්‍රායල් නායකයින්ගේ ප්‍රකාශ සහ ඊශ්‍රායල් හමුදාවල හැසිරීම් රටාව, ජන සංහාරක අභිප්‍රාය පිළිබඳ සාක්ෂි ලෙස උපුටා දක්වති.

ඊශ්‍රායල් විදේශ අමාත්‍යංශය පැවසුවේ, එම වාර්තාව “විකෘති හා අසත්‍ය” ලෙස හෙළා දකිමින් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ය.

කොමිසමේ විශේෂඥයින් තිදෙනා “හමාස් නියෝජිතයින්” ලෙස කටයුතු කරන බවත්, “දැනටමත් අසත්‍ය බවට ඔප්පු වී ඇති” “අනෙක් අය විසින් සත්‍ය යැයි ඇඟවීමට නැවත නැවත කියන” හමාස් අසත්‍යයන් මත සම්පූර්ණයෙන් ම යැපෙන බවත් ප්‍රකාශකයෙක් චෝදනා කළේ ය.

To read this news in depth, click on the link below;

https://www.bbc.com/sinhala/articles/c4gjr072gzjo

END/BBC/MMP/16092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed