හලාවත පාසල් බස් රථ වලින් භාගයට බාගයක් දුවන්න සුදුසුම නැහැ වාහන 54 කින් 24 කට තහනම් නියෝග – පහන් මිහිජය

 

 

හලාවත ,මාදම්පේ ,ආරච්චිකට්ටුව පොලිස් බල ප්‍රදේශවල පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, වැන් රථ 54 කින් බස් රථ හා වැන් රථ 24 කට තහනම් නියෝග
නිකුත් කිරීමට අද (15) පොලිසිය පියවර ගෙන ඇත . ඒ මෝටර රථ පරීක්ෂක වරයෙකුගේ පරික්ෂා කිරීමකින් පසුයි .

මාදම්පේ මැදගම ප්‍රදේශයේදී මේ බස් රථ පරික්ෂා කිරීම සිදු කර තිබේ .

තිරිංග නියමිත පරිදි ක්‍රියාත්මක නොවීම ,ගෙවී ගිය ටයර් , විදුලි සඥ නිසි පරිදි නොමැති වීම , ආසන නිසි පරිදි නොතිබීම , සුක්කානමේ දෝෂ , අමතර කොටස් හා
විදුලි පහන් ගැටළු , ඇතුළු ගැටළු මේ වාහන වල තිබී ඇත

මේ වාහන වල පැවතී දෝෂ දින දහයක් තුලදී නිවැරදි කර පෙන්වීමට නියෝග කල බව මාදම්පේ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති නිශාන්ත රෙජිනෝල්ඩ් මහතා
මොජෝ නිවුස් වෙත පැවසිය .

මේ වාහන වලින් ඉතාමත් සුදුසු තත්වයේ තිබි ඇත්තේ එක් වාහනයක් පමණක් බවද වාර්තා වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed