හිස අත් පා නොමැති මළ සිරුරක් මාරවිල මුහුදු වෙරළට- අමායා හේෂානි හලාවත 

මාරවිල මුදුකටුව වෙරළේ  තිබී  හමුවූ හිස ,අත් හා කකුල් දෙක නොමැති සිරුර හදුනා ගැනීම සදහා මාරවිල පොලිසිය  මහජනතාවගේ සහය පතයි .
ඊයේ   13 පස්වරුවේ මේ මල සිරුර ගොඩ ගැසූ අතර මෙය පිරිමියෙකුගේ බවට හදුනා ගන්නා ලදී . නිල් පැහැති කොට කලිසමක්  මේ සිරුරේ
දක්නට ලැබිණි .
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු ඇමතුමක් මත මාරවිල පොලිසියේ නිලධාරීන් පැමිණ මුලික පරීක්ෂණ සිදු කැරිණි .
අනතුරුව  මාරවිල පොලිසිය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ඊයේ  13 රාත්‍රියේ  මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව
වැඩිදුර පරීක්ෂණ සදහා මේ සිරුර මාරවිල මුලික රෝහලට රැගෙන යන ලදී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *